හෙට සිට රට පුරාම සිදුවන දේ..

Nihal Talduwa Sri Lanka Police Tiran Alles Sri Lanka Police Investigation
By Sewvandhi Dec 16, 2023 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා හෙට (17) සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජූනි 30 වනවිට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදුකිරීම සඳහා පොලීසියට කාලය ලබාදී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා,

"මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම එකට ඉඩ තියන්නේ නෑ. මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි.

ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි. අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි. ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ."

මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය, අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී මීටර් 50ක පරතරයක් තබාගෙන වාහන ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මෙම ඉල්ලීම මෙදින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා සිදු කර ඇති බව සඳහන්ය.

 එම අනතුරු ඇඟවුම් නිවේදන විද්‍යුත් පූවරැ මඟින් ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අතර, අඳුරු සහිත කාලගුණයක් ඇති බැවින් තම වාහනයේ ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙස ද අධිවේගී මාර්ග රථවාහන පොලීසිය රියදුරන්ට දන්වා ඇත.