දීප ව්‍යාප්ත තැපැල් වැඩ වර්ජනය අදත්

Report

 පසුගිය දින තැපැල් සේවකයන් ආරම්භ කෙරූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද දිනටත් ක්‍රියාත්මක කර තිබේ.

ඒ බව සඳහන් කරේ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණයි. එම පෙරමුණේ සම කැඳවුම් කරුණු ලෙස කටයුතු කරන චින්තක බණ්ඩාර මහතා සඳහන් කරේ ඔවුන් ඉල්ලා තිල්ලිම් දහනමයක් මුල්ගෙන (17)ආරම්භ කර මෙම වැඩ වර්ජනය අති සාර්ථකව පවත්වාගෙන යන බවයි.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර ගන්නා අතර අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

විමල්, තිස්ස, වාසු ඇතුළු පක්ෂ නායකයන් හයකගේත් පැන්ෂන් කැපේ

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවය. වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව ද රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය. මේ අතර ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී සිටී.

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

අතේ මුදල් නිතර රැදෙන ,විදෙස් කටයුතු සාර්ථකවන අද ලග්න පලාපල

ඊයේ පෙරවරුවේ සිට අදාළ ගුරුවරුන් ජනාධිපතිලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටින අතර රැය පහන්වන තුරු ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි බව 'අද දෙරණ' වාර්තාකරු සඳහන් කළේය. සිය දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා මෙතෙක් පැවති චක්‍රලේඛය මේ වසරේ සිට අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ගුරුවරුන් මෙම විරෝධතාවයේ නිරතව සිටින බව ගුරු දරු එකමුතුව සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික අබේසිංහ මහතා සඳහන් කළේය.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

තුසිත හල්ලොලුව අත්අඩංගුවට