අද?. බෝම්බ බියකින් නගරයක් තැති ගනී - වහාම පිරිස් ඉවත් කරයි..
By krishani
බෝම්බ තර්ජනයක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් සියයක සිසුන් එම පරිශ්‍රවලින් ඉවත් කර තිබෙනවා.
එම අදාළ පාසල්වලට විද්‍යුත් තැපෑල ඔස්සේ බෝම්බ තර්ජනයක් පවතින බවට පණිවුඩ ලැබී ඇති බව සඳහන් වේ.
ඒ අනුව බලධාරීන් පියවර ගෙන ඇත්තේ පාසල් සිසුන් පිටත් කර යැවීමටයි.
කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පොලිස් නිලධාරීන් එම ස්ථානවල දැඩි සෝදිසි මෙහෙයුම් සිදු කළ ද මේ දක්වා සැක කටයුතු කිසිවක් හමු වී නොමැති බව යි.