"ප්‍රේම දඩයමේ" ශිවන්‍යා සමලිංගිකයෙක්ද? - මවුනි රෝයි හැමෝම හොල්ලමින් කරපු හෙළිදරව්ව මෙන්න

By Aylin Zoya Jun 16, 2026 11:30 PM GMT
Report

ඉන්දියානු ජනප්‍රිය රූපවාහිනී සහ චිත්‍රපට නිළියක් වන මවුනි රෝයි තමන් පිළිබඳව මෑතකදී පැතිර ගිය විශාල කටකතාවක් සම්බන්ධයෙන් විවෘත ප්‍රකාශයක් කර තිබේ.

හිටපු නිරූපිකාවක් සහ නර්තන ශිල්පිනියක් වන ඇය හින්දි රූපවාහිනී කතා මාලා සහ චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් අතර, ඉන්දියාවේ වැඩිම වැටුප් ලබන රූපවාහිනී නිළියන්ගෙන් එක් අයෙකු ලෙසද සැලකේ.

විශේෂයෙන්ම ජනප්‍රිය ‘ප්‍රේම දඩයම’ රූපවාහිනී කතා මාලාවේ ශිවන්‍යා සහ ශිවාංගි යන චරිත සඳහා ඇය දැක්වූ රංගන දායකත්වය ඉතා ජනප්‍රියත්වයක් ලබා දී තිබේ.

2022 වසරේ විවාහ වූ මවුනි රෝයි, මෑතකදී සමාජ මාධ්‍ය හරහා තමන් දික්කසාද වූ බවක් පිළිබඳව පැතිර ගිය කටකතා ද නිල නොවන බවට පසුව ප්‍රතිචාර දක්වා තිබුණි.

 ඇය සහභාගී වූ YouTube කතාබහ වැඩසටහනකදී, “ඔබ ගැන ඔබ මෑතකදී අසා ඇති විශාලතම කටකතාව කුමක්ද?” යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේ පැවසුවාය:

“මම ගැන පැතිර යන ලොකුම කටකතාව නම් මම සමලිංගිකයෙක් කියන එකයි.”

එමෙන්ම ඇය තම ජීවිතයේ සහයෝගය පිළිබඳවද අදහස් දක්වමින්, හොඳ මිතුරන් සහ පවුලේ සාමාජිකයන් තමන්ට සෑම අවස්ථාවකම ශක්තියක් වී ඇති බව සඳහන් කළාය.

“මගේ හොඳ සහ නරක කාලවලදී මා සමඟ සිටින මිතුරන් මට ලොකු ශක්තියක්. ජීවිතයේ ඔබව දිරිමත් කරන කාන්තාවන් සිටීම ඉතා වැදගත්” යනුවෙන්ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.