හැමෝම ඉස්සරහ සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකරලා.. සලේට ඇතුළෙදි වෙච්චි දේවල් එකින් එක එළිවෙයි

Report

මානව හිමිකම් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය වෙනුවෙන් සුරේෂ් සලේගේ බිරිඳ, ඔහුගේ නීතීඥ මඩුල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කොමිසම වෙත කැඳවා තිබුණා.

ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ සිදු වූ බව කියන වධ හිංසා සම්බන්ධයෙන්.

එහිදී සුරේෂ් සලේ වෙනුවෙන් පැමිණි නිතීඥ මඬුල්ල සඳහන් කර ඇත්තේ සුරේෂ් සලේව ඉකුත් මාර්තු 08 වැනි දින අනෙකුත් සියලුම රැඳවියන් ඉදිරියේ ශරීර පරීක්ෂාවකට ලක් කළ බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිගත් බවයි.

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

සිරමැදිරිය තුළට හරියට වාතාශ්‍රයවත් නෑ - සලේට වධ දුන්නද බලන්න හිටපු සිර මැදිරියට ගිය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වාර්තාවක්

එබැවින් මෙවැනි සෝදිසි කිරීම්වල සම්මත ක්‍රියා පටිපාටිය, 2026 වසර තුළ සිදු කරන ලද සෝදිසි කිරීම්වලට අඳාළ වාර්තා හා CCTV දර්ශන, මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ සෝදිසි කිරීමට ලක් කළ නිලධාරීන්ගේ නම් සහ රැඳවුම් නියෝගයට අදාළ ලේඛන එළඹෙන 26 දිනට පෙර ලබාදෙන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇත.

පාස්කු විමර්ශන උඩුයටිකුරු වෙයිද? සුරේෂ් සලේ කළ යුතු හොඳම දේ ඇමති නලින්ද ජයතිස්ස හෙළි කරයි

පාස්කු විමර්ශන උඩුයටිකුරු වෙයිද? සුරේෂ් සලේ කළ යුතු හොඳම දේ ඇමති නලින්ද ජයතිස්ස හෙළි කරයි

"ශානි මන් ගැන වෛරයකින් ඉන්නේ.." - හිටපු ජනපති ගෝඨා උසාවි ගොස් ලොකුම බෝම්බය පුපුරුවයි

"ශානි මන් ගැන වෛරයකින් ඉන්නේ.." - හිටපු ජනපති ගෝඨා උසාවි ගොස් ලොකුම බෝම්බය පුපුරුවයි