ඉරාන ආරක්ෂක ප්‍රකාශකයා මරුට
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නිල මාධ්‍ය ප්‍රකාශක අලි මොහොමඩ් නයිනි අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය තහවුරු කර ඇත.
අද අලුයම එල්ල වූ මෙම ප්‍රහාරය ඉරාන ආරක්ෂක අංශ විසින් “බියගුලු ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස හඳුන්වා දී ඇති අතර, නයිනි “වීර මරණයක්” ලබා ඇති බව ද නිවේදනය කර තිබේ.
විදෙස් පුවත් වාර්තා කරන්නේ, 2024 වසරේ සිට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළ ඔහු මෙම ප්‍රහාරයෙන් මියගිය බවයි.