දේශීය ආදායම් නිලධාරීන් රජයෙන් 1500CCට අඩු වාහන ගෙන්වන්න සහන ඉල්ල‍යි

vehicle imports sri lanka Inland Revenue Department Import Sinhala news Breaking News
By Kaushi Jul 08, 2025 12:26 PM GMT
Kaushi

Kaushi

Report

දේශීය ආදායම් නිලධාරින් විසින් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ තිබෙන වාහන ගෙන්වීමට සහන ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඒ අනුව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා විසින් කියා ඇත්තේ එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවයි.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ඒ අද (08) දින තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්. මේ නිසා 1500CC අඩු ධාරිතාව ඇති වාහන ආනයනයට බදු සහන ලබා දුනහොත් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බව පවසා ඇත.

එසේම ඒ හරහා විශාල වශයෙන් විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද ඔහු දක්වයි.

මේ අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා පවසා සිටියේ,

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

"අපි දන්නවා රටට විශාල වශයෙන් වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC කැපැසිටිය ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC කැපෑසිටිය 1500ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවානම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවානම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC කැපෑසිටියකට අඩු වාහන 20-25ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්." යනුවෙන්.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ReeCha