හෝමූස් හරහා යාමට ඉන්දියාවට විශේෂ අවසරයක්

Report

විදෙස් වාර්තා අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා ඉරානය ඉන්දීය නෞකා කිහිපයකට සීමිත ආරක්ෂිත අවසරයක් (Safe passage) ලබා දීමට පියවර ගෙන ඇත.

ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි (Mohammad Fathali) ‘India Today’ සමුළුවේදී මේ බව අනාවරණය කළ අතර, මෙම අවසර ලබා දුන් නෞකා සංඛ්‍යාව පිළිබඳව ඔහු නිශ්චිත තොරතුරු සඳහන් කර නොමැති බව වාර්තා වේ.

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි දිනයන්හි ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ඉරානය විසින් මෙම උපායමාර්ගික මුහුදු මාර්ගයේ නාවික ගමනාගමනය බොහෝ දුරට අත්හිටුවා ඇති අතර, ඉන්දීය නෞකාවලට මෙම අවස්ථාව හිමිවීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ.

සාමාන්‍යයෙන් මෙම මාර්ගය හරහා සිදු කෙරෙන සමුද්‍රීය ගමනාගමනයට දැඩි සීමා කිරීම් පනවා ඇති අතර, ඉරානය ලබා දුන් මෙම සීමිත සහනය විදේශ වාර්තා අනුව දුර්ලභ සහනයක් ලෙස සඳහන් කර ඇත.

ඇවිලෙන යුද්ධේ මැද්දට පැන්න ප්‍රංශ ජනපති - ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ඉල්ලා පෙරට එයි

ඇවිලෙන යුද්ධේ මැද්දට පැන්න ප්‍රංශ ජනපති - ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ඉල්ලා පෙරට එයි