98 වෙනි වියට පා තැබූ පුංචි තිරේ අත්තම්මා තෙරුවන් සරණයි..
මෙරට සිනමා රංගනය හැදෑරු ප්‍රථම නිළිය අයිරාංගනී සේරසිහ❤️ මහත්මිය අද දින සිය 98 වැනි ජන්ම දිනය සමරනවා
ලාංකීය සිනමාවේ ආශ්චර්යය මෙරට සුජිවත්ව සිටින ජේෂ්ඨතම හා විශිෂ්ඨතම කලාකාරිනිය අයිරාංගනී සේරසිංහ මහත්මිය ඔබට සුබ උපන්දිනයක් වේවා..
අයිරාංගනී රොක්සානා මීදෙනිය, නැත්නම් ඔබ කව්රුත් හඳුනන අයිරාංගනී සේරසිහ ලාංකීය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග නිළියන් අතුරින් ඉදිරියෙන්ම සිටින නිළියක්. වර්ෂ 1950 සිට මේ දක්වා දක්ෂ රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය. මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක් වශයෙන් ද පත්‍ර කලාවේදිනියක් ලෙසද කටයුතු කළ තැනැත්තියක්. ලාංකීය සිනමාවේ පළමු කාන්තාව ලෙසින් විරුදාවලිය ලබන්නේ ද කලාකීර්ති සම්මානයෙන් පිදුම් ලද ඇයමයි.
මෙරට සිනමා රංගනය හැදෑරු ප්‍රථම නිළිය වශයෙන් ඉතිහාසගත වන්නේ ද අයිරාංගනී සේරසිංහයන් ය. අයිරාංගනී මීදෙනිය ඉපිද හැදී වැඩුණේ රුවන්වැල්ල නගරය ආසන්නයේ මූදුගොමුව නම් ගම්මානයේයි.
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ද, බිෂොප් පාසලෙන් ද, මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරන ඇය 1947 වර්ෂයේ දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ රටේ මහත්තයෙකු වූ ඇයගේ පියාගේ විරෝධතා මධ්‍යයේ යි.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන අවදියේ මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක් ගේ මඟ පෙන්වීම යටතේ කලාව වැළඳ ගන්නා ඇය චිත්‍රසේනයන්ගේ ඉගැන්වීම මත දක්ෂ ලෙස නර්තනය හැදෑරුවා. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් (වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලය) කලා උපාධිය ලබා ගන්නා ඇය ලන්ඩන් බලා පිටත් වන්නේ මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක් මහතාගේ නිර්දේශ මතයි.
වසර 3ක් එහි රංග කලාව විෂයය මැනවින් හදාරන ඇය නැවත ලංකාවට පැමිණෙන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින්. අයිරාංගනී මීදෙනිය පළමුවෙන්ම රංගන දායකත්වය ලබා දෙන්නේ ඉංග්‍රීසි චරිත වලට වූ අතර, එවකට බිහි වූ බොහෝ ඉංග්‍රීසි වේදිකානාට්‍ය වලට ඇය නැතුවම බැරි නිළියක් වූවා.
පසුව අයිරාංගනී මීදෙනිය තම පළමු වෘත්තීය රංගන දායකත්වය ලබා දෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක යි. ඒ අනුව ඇය රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ මෙරට ප්‍රවීණතම සහ ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ “රේඛාව” සිනමා පටය හරහා යි. 1956 වර්ෂයේ දී තිරගත වූ රේඛාව චිත්‍රපටයේ මවකගේ චරිතයට පණ පොවන.
ඇය එහිදී හඳුනාගත් වින්ස්ටන් සේරසිංහ සමඟ විවාහ වන අතර ඉන් පසුව අප දැන් ඇය හදුන්වන සේරසිංහ යන නාමය ඇගේ නම අගට ඇමිනුනාය . අයිරාංගනී මීදෙනිය තම පළමු වෘත්තීය රංගන දායකත්වය ලබා දෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි...