ඉරණමඩු යළි වාන් දමයි

Report

 කිලිනොච්චිය පිහිටි ඉරණමඩු ජලාශය යාළිත් වරක් පිටාර ගැලීමට පටන් ගෙන තිබෙන බව වාරි ඉංජිනේරුවන් සඳහන් කර තිබේ.

එය   උතුරු පළාතේ ප්‍රධානම ජලාශයයි.

ඒ අනුව මේ වන විට එම ජලාශයේ වාන් දොරටු 06 ම විවෘත කර ඇත.

ඉරණමඩු ජලපෝෂක ප්‍රදේශයට ඇද හැළෙන්නා වූ වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහල ගොස් තිබේ.

ඒ අනුව මෙසේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන ඇත.

වාරි ඉංජිනේරුවෝ සදහන් කරන්නේ එම වාන් දොරටු 06 න් වාන් දොරටු 02 ක් අගල් 06 ක් දක්වාත් අනෙක් වාන් දොරාටු 04 අගල් 01 බැගිනුත් විවෘත කර ඇති බවයි.

හැඩඔය දෙපස ජනතාවට දැනුම්දීමක්

හැඩඔය දෙපස ජනතාවට දැනුම්දීමක්

අඩි 60 කින් පහළට වැටුණු ගල්වලේ සේවකයා මරුට

අඩි 60 කින් පහළට වැටුණු ගල්වලේ සේවකයා මරුට