මුහුදුබත් වූ ඉරාන නෞකාවේ නාවිකයන්ගේ මළසිරුරු නැවත ඉරානයට

Report

දැනට ගාල්ල ජාතික රෝහලේ ජංගම ශීතාගාර දෙකක තැන්පත් කර ඇති ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු 84 ඉරාන තානාපති කාර්යාලයේ නිලධාරීන්ට භාර දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා ගාල්ල ජාතික රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත අද (11) පෙරවරුවේ නියෝග කර තිබේ.

ගාල්ල වරාය පොලීසිය විසින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ ඉල්ලීමක් අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ ඉරානයේ ‘අයිරිස් ඩෙනා’ නෞකාවට පහර දී ගිල්වා දැමිමෙන් මියගිය නාවිකයින් දුසිම් ගනනකගේ මළ සිරුරු ඉක්මනින්ම තම රටට ගෙන යන බව ඉරානය පවසයි.

අල් ජසීරා, ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තා කරන ලද නිවේදනයක, හමුදා මහජන සම්බන්ධතා කාර්යාලය පැවසුවේ මළ සිරුරු 104 න් 84 ක් හඳුනාගෙන ඇති බවත් ඉක්මනින්ම ඉරානයට ආපසු ගෙන යන බවත්ය.

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උත්සාහයන් සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව නැවත ඉරානයට ගෙන්වා ගැනීම සිදු කරන බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ