වැරැද්දක් නොකර ගැහුවට විඳවන්න ලෑස්ති වෙන්න, යුද්ධෙ ගැන තීරණය කරන්න ඉරානය පුටින් එක්ක කථාවක්

Report

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් ලබන සඳුදා දින රුසියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිත බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව තමන් අද දින මොස්කව් වෙත පියාසර කරන බවටත් ලබන සඳුදා දින රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හා සාකච්ඡාවක නිරත වන බවටත් ඔහු පවසයි.

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

ඉරාන විදේශ අමාත්‍යවරයා අමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව සජීවීව ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

එහිදී ඔහු කියා ඇත්තේ, "රුසියාව ඉරානයේ මිතුරෙක් අපි සැමවිටම එකිනෙකා සමග සාකච්ඡා කර අපගේ ස්ථාවරයන් සම්බන්ධීකරණය කරනවා හෙට මම රුසියානු ජනාධිපතිවරයා සමඟ බැරෑරුම් උපදේශන පවත්වන අතර අපි එකිනෙකා සමඟ වැඩ කිරීම දිගටම කරගෙන යන්නෙමු" යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එසේම ඉස්තාන්බුල්හි පැවති මෙම විශේෂ ප්‍රකාශයේදී ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඉරානය කිසිම වරදක් කර නොමැති බවයි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

හරිනෙ අමාරුව පාඩුවෙ ඉන්නෙ නැතුව අවුස්සගත්තා, ඉරානය නිසා තක්කඩි ට්‍රම්ප්ට ඉහින් කනින් දාඩිය දායි.

එහෙත් ඉරානය න්‍යෂ්ටික අවි සොයන බවට අසත්‍ය චෝදනාවක් එල්ල කොට ඉරානයට පහර දිය යුත්තේ මන්දැයි තමන්ට නොතේරෙන බව ද ඔහු පවසයි.

එමෙන්ම ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය තාන්ත්‍රිකභාවය විකල්පයක් නොවන බව ද එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී "ට්‍රම්ප් අමෙරිකානු ඡන්ද දායකයින් පාවා දුන්නා" යනුවෙන් අද දින අමෙරිකානු ප්‍රහාරවල ප්‍රතිඵලයක් වශයෙන් ට්‍රම්ප් ඉරානය පමණක් නොව ඔහුගේම අධාරකරුවන් ද පවා දී ඇති බවට ඉරාන විදේශ අමාත්‍යවරයා කියා ඇත.

ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි

ඔහු පැවසුවේ, "රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා අපගේ කැපවීම අනිසි ලෙස භාවිතා කිරීමෙන් ඔහු ඉරානය පමණක් නොව ඔහුගේම ඡන්දදායකයින් ද රවටා ඇත," ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි. අමෙරිකානු ප්‍රහාරය සමාව දිය නොහැකියි. රාජ්‍ය තාන්ත්‍රිකභාවයට දොර සැමවිටම විවෘතව තිබිය යුතු වුවද, දැන් එය එසේ නොවේ" යනුවෙන්.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයා දැක්වූයේ එක්සත් ජනපදයෙන් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය යටතේ සමාව දිය නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?