ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද? [PHOTO]
වැඩිහිටි පරම්පරාව අකැමැති තරමටම තරුණ පරම්පරාව කැමති ආසාවක් එහෙම නැත්තම් කලාවක් තමයි ටැටූ කලාව කියන්නේ.
මේ වන විට අතීතෙට වඩා ටැටූ කලාව ගොඩක් දියුණුයි වගේම ලෝකේ හැම තැනකම වගේ ඒක කාලාවක් විදිහටත් ජනප්‍රිය වෙලා ඉවරයි.
ටැටූ කලාව විලාසිතාවක් වුණේ අදක ඊයෙක නෙවෙයි වුණත් ඒක ලංකාවේ මිනිස්සු වැළඳගන්නේ ටික කාලෙකට පස්සෙ.
හැබැයි මේ වන විට කුඩා දරුවන් පවා ටැටූ ගහන එක හීනයක් කර ගෙන ඉන්න තරමටම ටැටූ කලාව ලංකාවෙත් ප්‍රසිද්ධ වෙලා ඉවරයි.
කොයි තරම් ප්‍රසිද්ධ වුනත් අදටත් බොහෝ දෙනා දරන මතයක් තමයි ටැටූ ගහන එක භයානකයි.
එය ශරීරයට අහිතකරයි කියන කාරණාව. මේ කතාවේ සත්‍යක් තිබෙනවා. මොකද නිවැරැදිව ටැටූ නොගැසීම, අසාත්මිකතා මතුවීම, ටැටූ ඉවත් කිරීම ආදී කරුණු නිසා බොහෝ දෙනෙක් අපහසුතාවන්ට ලක්වෙනවා.

මුලින්ම කරද්දි බනිනවා ඒත් සල්ලි තියෙනවා නම් කළාට කමක් නෑ, ලංකාවම පිස්සු වට්ටපු චුලක්ෂි ලස්සන වෙන්න දුන්න උපදෙස
මේ සඳහා බලපාන්නේ නිවැරැදිව ටැටූ ගැසීමට ඇති නොහැකියාව, නියම ප්‍රමිතියෙන් තොර වූ ටැටූ උපකරණ භාවිතය හා පිරිසුදුකම නොමැති වීම මත ප්‍රමිති සහගත ටැටූ නිර්මාණවලට ඇතිවෙන බලපෑම් කියලත් ටැටූවලට ආදරේ අය කියනවා.
ඒවගේම තමයි ටැටූ එකක් ඉවත් කරද්දිත් ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. ගහපු ටැටූ එකක් ඉවත් කරන්න ටැටූ ලේසර් කිරීමක් කරන්න වෙනවා.
සාමාන්‍යයෙන් ඒ වෙනුවෙන් මාස 4ක් වගේ කාලයක් ගතවෙනවා.
එහෙමත් නැත්නම cover up tattoo තුළින් පරණ ටැටූ එක ආවරණය වන ලෙස අලුත් ටැටූ එකක් සිදු කරන්න පුළුවන්.
ඒ වගේම ටැටූ එකක් කළ පසු දින තුනක් ගත වන තුරු ඇන්ටිබයෝටික් භාවිත කළ යුතු වෙනවා. ඉන්පසු දින තුනකට පසු After care cream එකක් භාවිත කළ යුතුයි.
සාමාන්‍යයෙන් අපේ සම ටැටූ එකට ගැළපෙන්න මාස 3ක් වගේ කාලයක් ගතවෙනවා.
ඒ වගේම තමයි ටැටූ කලාව තුළ විවිධ වර්ණ භාවිත කළ හැකි වුවද පැහැපත් සමට හොඳින්ම ගැළපෙන්නේ කළු වර්ණයයි.
යොදන ටැටූ එක සම හා බද්ධ වූ විට ඇතැම් විටෙක වර්ණය වෙනස් වෙන්නත් පුළුවන්. නිදසුනක් විදිහට නිල් වර්ණය සමට යෙදූ විට කොළ පැහැයත් රතු වර්ණය සමට යෙදූ විට දුඹුරු පැහැයත් දිස්වෙනවා.
ඒ නිසා සමට හොඳින්ම ගැළපෙන්නේ කළු වර්ණය බව තමයි වාර්තා වන්නේ. කොහොම වුණත් ටැටූ එකක් ගැහුවට පස්සේ ඒක මුල් සති දෙක තුළ ආරක්ෂා කර ගන්න ඕනේ.
ඒ සඳහා, මුලින්ම ටැටූ කළ ස්ථානය antibacterial blaster එකක් තුළින් ආවරණය කිරීම.
එවිට බැක්ටීරියා ආසාදන ඇති වීමෙන් එය තුවාලයක් බවට පත්වීමේ ඉඩකඩ අඩු වෙනවා.
නිවෙසට ගොස් එකී තුවාලවලට හානි නොවන සේ එම ආවරණය ඉවත් කිරීම.
ටැටූ කළ ස්ථානය ප්ලාස්මවලින් වැසී සැරව වගේ ස්වභාවයක් දක්නට ලැබුණහොත් එය බිය විය යුතු තත්ත්වයක් නොවෙයි.
පසුව කාමර උෂ්ණත්වයෙහි ඇති ගලා යන ජලයෙන් එය සේදීම කළ යුතුයි.
සබන් ආලේප කර සෙමින් පිරිමදිමින් ඉතිරි වී ඇති තීන්ත හා ප්ලාස්ම කැබැලි සෙමින් ඉවත් කරගන්න.
සමට ඇලී ඇති තීන්ත කැබැලි හෝ ප්ලාස්ම කැබැලි ඉවත් නොකරන්න.
පිරිසුදු කපු රෙදි කැබැල්ලක් ගෙන සියුම් ටැටූ එකෙහි තෙතමාත්තු කොට පිරිසුදු කරගන්න.
ටැටූ එකක් කළ පසු දින තුනක් පමණ ගත වන තෙක් බාහිර පරිසරයට සහ අධික හිරු එළියට, දූවිල්ලට නිරාවරණය නොවන ලෙස වගබලාගන්න.
එසේම මුල් දින තුන තුළ පිහිනුම් තටාකවලට බැසීම, මුහුදෙහි නෑම හා කායවර්ධන ආයතනවලට යෑම නුසුදුසු බව සඳහන් වෙනවා.
ඒ වගේම නින්දට යන විට පවා ටැටූ එකට පීඩනයක් ඇති නොවන ලෙස නිදාගන්න ඕනේ.
මෙසේ දින තුනක් පමණ පිරිසුදු වතුරෙන් සෝදා ටැටූ එක ආරක්ෂා කරගත් පසු ටැටූ එක පුරා තුවාල කබොලක් ආකාරයෙන් දිස්වේවි.
එකී තුවාල කබල් අතින් නොගලවා ඉබේ ගැලවීමට ඉඩ හළ යුතුයි.
එසේ දින තුනක් පමණ ගත වූ පසු after care cream එකක් ටැටූ එක සඳහා භාවිත කරන්න.
මේ විදිහට නිවැරදිව ටැටූ කරන්න ඕනේ වගේම ඒ වෙනුවෙන් නිවැරැදිව ටැටූකරණය හැදෑරූ නිර්මාණශීල්පියෙක් සොයා ගැනීමත් අනිවාර්යයි.
කොහොම වුනත් ආසාවට ටැටූ ගහන තරුණ පරම්පරාවට ලංකාවේ සමාජයෙන් ඇතැම් විවේචනද එල්ල වෙනවා.
මොනවා වුණත් කරන දෙයක් තමන්ගේ සෞඛ්‍යට අහිතකර නොවෙන විදිහට කළොත් එය කලාවක් මෙන් ලස්සනට ජීවිතය හා බැඳී තියෙන බව නම් විශ්වාසයි.




