ඉරාන ප්‍රහාරයකින් කේ.සී 135 ගුවන් යානා 5ක් විනාශයි
සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් හමුදා කඳවුරට ඉරානය විසින් ක්‍රියාත්මක කළ මිසයිල ප්‍රහාරයෙන් කේසී-135 වර්ගයට අයත් ඇමරිකානු ගුවන් යානා පහකට හානි සිදු වී ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පසුගියදා වාර්තා කරයි.
කේසී-135 ගුවන් යානා සාමාන්‍යයෙන් උඩුගුවනේදී ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානාවලට ඉන්ධන සැපයීමේ කාර්යභාරය ඉටු කරයි. එහිදී, මෙම ගුවන් යානාවලට සම්පූර්ණ විනාශයක් සිදු නොවූ අතර, ඒවා නැවත අලුත්වැඩියා කරමින් තිබෙන බව වාර්තා වේ.
බිහිසුණු යුද ගින්නෙන් ලෙබනනයට සහ හිස්බුල්ලා සංවිධානයට ඊශ්‍රායලයෙන් උපරිම පීඩනයක් - එල්ල වූ දැවැන්ත ගුවන් ප්‍රහාරයකින් අයෙක් මරුට
තවද, ඉරාකයේදී පසුගිය දින තවත් කේසී-135 ගුවන් යානයක් කඩාවැටී ඇති අතර, එහි ගමන් කළ ඇමරිකානු හමුදා සාමාජිකයන් හය දෙනා ජීවිතක්ෂයට පත්වී ඇත.