ප්‍රහාරයකින් ඉරාන නව නායකයටත් තුවාලයි ශරීයත් විකෘති වේ - ඇමරිකාවෙන් විශේෂ අනාවරණයක්
ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegset) පවසන පරිදි ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් දැඩි කර ඇති අතර, එම පසුබිමෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා ඛමේනි (Mojtaba Khamenei) තුවාල ලබා ඇති බවත්, ඔහුගේ ශරීරය බොහෝ දුරට විකෘති වී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.
පෙන්ටගනයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙග්සෙත් මෙම අදාළ සඳහන් කර තිබුණු අතර, ඉරානයේ නායකත්වය දැඩි අසරණභාවයට පත්ව, භූගත බංකර්වලට ගොස් බියෙන් සැඟවී සිටින බව සඳහන්.
“ඉරාන නායකත්වය අසරණ වෙලා. ඔවුන් භූගත බංකර්වලට වී බියෙන් ගැහෙමින් සිටිනවා. මීයන් කරන්නේත් ඒ වගේ දෙයක්,”
යැයි ඔහු සඳහන් කරයි.
ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානය පුරා 15,000කට අධික සංඛ්‍යාවක ඉලක්ක ප්‍රහාර එල්ල කර ඇති අතර, ඒ තුළින් ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය, ගුවන් හමුදාව සහ නාවික හමුදාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවද ආරක්ෂක ලේකම් හෙග්සෙත් පවසයි.
එමෙන්ම ඉරානයේ බැලස්ටික් මිසයිල නිෂ්පාදන ධාරිතාවයද මේ වන විට සාර්ථකව පරාජය වී ඇති අතර, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපතිවරයාද එක්ව සිටි මෙම මාධ්‍ය හමුවේ, ඉරානයට එරෙහි මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කර ඇති බව අවධාරණය කෙරිණි.