"ඕනෑම ප්‍රහාරයකට අපි සූදානම්" - සාකච්ඡා මැද ඉරාන හමුදාපතිගෙන් සතුරන්ට අනතුරු ඇඟවීමක්

Report

පසුගිය පෙබරවාරි මාසයේ අගභාගයේදී ආරම්භ වූ කලාපීය යුද තත්ත්වය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නව කෙටුම්පතට ඉරානය සිය ප්‍රතිචාරය ලබා දී ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන IRNA පවසන්නේ, පකිස්තාන මැදිහත්කරුවෙකු හරහා එම ප්‍රතිචාරය අමෙරිකාව වෙත භාර දී ඇති බවයි. යෝජිත රාමුව යටතේ සාකච්ඡා ප්‍රධාන වශයෙන් යුද්ධය අවසන් කිරීමේ කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවද වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත් ඉරාන ප්‍රතිචාරයේ සවිස්තරාත්මක අන්තර්ගතය මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අබ්දුල්ලාහි අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ. මෙය පසුගිය දින කිහිපය තුළ ඔහු පැවැත්වූ දෙවන සෘජු හමුව බව සඳහන් වේ.

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

එම හමුවේදී ඉරාන සන්නද්ධ හමුදාවේ සූදානම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් ජෙනරාල් අබ්දුල්ලාහි පවසා ඇත්තේ, ඕනෑම සතුරු ක්‍රියාවකට මුහුණ දීමට අවශ්‍ය උපකරණ සහ ආයුධවලින් හමුදාව සම්පූර්ණයෙන් සන්නද්ධව සිටින බවයි. එමෙන්ම යම් උපායමාර්ගික ප්‍රහාරයක් එල්ල වුවහොත් දැඩි ප්‍රතිචාරයක් දක්වන බවද ඔහු අනතුරු ඇඟවූ බව වාර්තා වේ.

මොජ්තාබා කමේනි මහතා පසුගිය මාසයේදී සිය පියාගේ අභාවයෙන් පසු එම ධුරයට පත් වුවද, ඔහු පිළිබඳව නිල ඡායාරූප හෝ වීඩියෝ මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති වීම හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් විවිධ සැක සංකාද මතුවී තිබේ.

කෙසේ වෙතත්, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ, තමා උත්තරීතර නායකයා සමඟ පසුගියදා පැය දෙකහමාරක සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

අමෙරිකානු බුද්ධි අංශ වාර්තා අනුව, ඉරාන පාලන තන්ත්‍රය තුළ අභ්‍යන්තර මතභේද පැවතියද, යුද උපායමාර්ග සහ අමෙරිකාව සමඟ සාකච්ඡා ක්‍රියාවලිය තුළ මොජ්තාබා කමේනි තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බව සඳහන් වේ.

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්

ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්