ස්ටාලින් තමිල්නාඩුව කෝටි ලක්ෂ 10ක ණය උගුලක හිර කරලා භාණ්ඩාගාරය හිස් - මහ ඇමති විජේගෙන් බරපතළ චෝදනාවක්
By R.rishma
තමිල්නාඩුවේ නව මහ ඇමති සී.ජෝසප් විජේ මහතා පවසන්නේ, පසුගිය DMK පාලන කාලයේදී තමිල්නාඩු භාණ්ඩාගාරය හිස්කර ඇති අතර, ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 10ක් පමණ විශාල ණය බරක් ඉතිරි කර ඇති බවයි.
මහ ඇමති ධුරයට පත් වීමෙන් පසු පැවති පළමු නිල කතාවේදී ඔහු මෙම චෝදනාව ඉදිරිපත් කළ අතර, රජයේ මූල්‍ය තත්ත්වය බරපතල අභියෝගයකට මුහුණ දී ඇති බවද සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් හිටපු මහ ඇමති එම්.කේ.ස්ටාලින් මහතා පවසන්නේ, රජයේ අරමුදල් හිඟයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ කාර්යක්ෂම පාලනය සහ නිසි කළමනාකරණය බවත්ය.
මෙම ප්‍රකාශ හේතුවෙන් තමිල්නාඩුවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව ආරවුලක් මතුව ඇති අතර, ආර්ථික කළමනාකරණය පිළිබඳ විවාදය තවදුරටත් උණුසුම් වෙමින් පවතින බව වාර්තා වේ.