මුහුද කැළඹෙයි.. හන්ටා බිය උත්සන්න වෙයි - හොන්ඩියන්ස් නෞකාවේ මගීන් හදිසියේම ගොඩබිමට

Report

MV Hondius නෞකාවේ ‘හන්ටා’ වෛරස් බිය මධ්‍යයේ මගීන් ඉවත් කිරීම ආරම්භ වේ ‘හන්ටා’ නම් වෛරසයක් පැතිර යාම පිළිබඳ බියක් හේතුවෙන් ලොව පුරා අවධානයට ලක් වූ MV Hondius නෞකාවෙන් මගීන් ඉවත් කිරීමේ කටයුතු අද (10) ආරම්භ කර තිබේ.

මෙම කෲස් නෞකාව මේ වන විට ස්පාඤ්ඤයට අයත් Canary Islands ආසන්න මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.

එරට සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්ශීයා ප්‍රකාශ කර ඇත්තේ, මගීන් ඉවත් කිරීම සාමාන්‍ය හා ආරක්ෂිත ක්‍රමවේදයකින් සිදු වන බවයි. නෞකාවේ සිටින සියලුම මගීන්ගෙන් මේ දක්වා රෝග ලක්ෂණ වාර්තා වී නොමැති බවද ඇය සඳහන් කර ඇත.

රටවල් 23ක් නියෝජනය කරන මගීන් 150කට ආසන්න සංඛ්‍යාවක් නෞකාව තුළ සිටින අතර, ඔවුන් කණ්ඩායම් වශයෙන් කුඩා බෝට්ටු මඟින් ගොඩබිමට රැගෙන යාමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, වෛරසය වැළඳී ඇති බව සැක කරන නෞකාවේ සිටි තිදෙනෙකු මේ වන විට මියගොස් ඇති අතර, තවත් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි

පොරොන්දු දෙන්න කලින් මූල්‍ය තත්ත්වය තේරුම් ගන්න - ස්ටාලින් අලුත් පාලනයට රතු එළියක් දමයි

නෙදර්ලන්ත ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ ‘හන්ටා’ වෛරසය පිළිබඳ පළමු සැකය පසුගිය සති අන්තයේදී මතු වී තිබුණි. එම අවස්ථාවේදී නෞකාව බටහිර අප්‍රිකානු කලාපය ආසන්න අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කරමින් සිට ඇත.

නෞකාව Canary Islands වෙත පැමිණියද, මීට පෙර එම දූපත් බලධාරීන් විසින් මගීන් ගොඩබැස්වීම ප්‍රතික්ෂේප කර තිබූ අතර, ඒ හේතුවෙන් මගීන් දින කිහිපයක් නෞකාව තුළ කොටුවී සිටියහ.

‘හන්ටා’ වෛරසය සාමාන්‍යයෙන් මීයන් මඟින් පැතිර යන බව සෞඛ්‍ය බලධාරීන් පවසන අතර, මෙවර එය මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි බවට සැක පළ කර තිබේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වීමේ අවදානම ඉතා අඩු බවයි.

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට

රන් වෙළෙඳපොළ උණුසුම් කරමින් මිල වාර්තාගත ලෙස ඉහළට