කුවේට් ගුවන්තොටුපලේ මෙහෙයුම් නවතී - ඉරානෙන් දරුණු ප්‍රහාර
ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට බරපතළ හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් ගුවන්තොටුපොළේ මෙහෙයුම් පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.
හදිසියේ එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව, පවත්නා ආරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුවේට් බලධාරීන් විසින් එරට සියලුම ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.