ඉරානයේ තීරණයෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් තෙල් මිල වෙනසක් - නවතම මිල ගණන් මෙන්න

Report

ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව හමුවේ අඛණ්ඩව ඉහළ යමින් පැවති ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල අද සුළු පහළ යෑමක් වාර්තා වී තිබේ.

ලෝක වෙළෙඳපොළේ ප්‍රධාන තෙල් මිල සලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) උදෑසන වන විට අමෙරිකානු ඩොලර් 108 සීමාව ඉක්මවා තිබුණද, අද වන විට එය ඩොලර් 104.61 දක්වා පහත වැටී ඇත.

මේ අතර, අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිලද ඊයේ පැවති ඩොලර් 103.34 සිට අද වන විට ඩොලර් 100.05 දක්වා අඩු වී තිබේ.

මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඊයේ වාර්තා වූ ඩොලර් 122.48 සිට අද දිනයේදී ඩොලර් 119.46 දක්වා පහත වැටී ඇත. සතියකට ආසන්න කාලයක් පුරා ගල්ෆ් කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය මධ්‍යයේ බොරතෙල් මිල ගණන් මෙලෙස පහළ යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉරානය ගත් නව තීරණයකි.

“රෝද මත බලකොටුවක්'' - ලෝකය මවිත කළ පුටින්ගේ බෝම්බ සහ වෙඩි නොවදින සන්නද්ධ රථයත් ඉන්දියාවට

“රෝද මත බලකොටුවක්'' - ලෝකය මවිත කළ පුටින්ගේ බෝම්බ සහ වෙඩි නොවදින සන්නද්ධ රථයත් ඉන්දියාවට

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බවට ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ පැවති අවිනිශ්චිතතාව යම් මට්ටමකට අඩු වී තිබේ.

ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා ඇතිවීමේ අවදානම මෑත දිනවලදී බොරතෙල් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී තිබුණි.

මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක නියෝජිතයන් ද එක්වීමට නියමිත බව වාර්තා වේ. ඉරානය සහ අමෙරිකාව අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කෙසේ වර්ධනය වේද යන්න මත ඉදිරියේදී ලෝක බොරතෙල් මිල ගණන් තවදුරටත් වෙනස් විය හැකි බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලෝවක් ආදරය කළ ඩයනා කුමරියගේ ප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට

ලෝවක් ආදරය කළ ඩයනා කුමරියගේ ප්‍රකට ‘Revenge Dress’ වෙන්දේසියට