බස් අනතුරට හේතුව සොයන රසපරීක්ෂක ලොක්කා හෙට ඇල්ලට
පසුගියදා ඇල්ල - වැල්ලවාය මාර්ගය බිහිසුණු අනතුරක් සිදුවූ අතර එයින් ජීවිත පහළොවක් බිලිගත්තේය. එම නිසා මේ බස් රථය අනතුරට ලක්වූවේ කාර්මික දෝෂයක් නිසාම දැයි නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකදෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධයෙන් සිටින විශේෂඥ නිලධාරියා හෙට ඇල්ලට පැමිණ බස් රථයේ සුන්බුම් නිරීක්ෂණය කිරීමට නියමිත බව සඳහන්වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය පැයට කිලෝ මීටර් 70 වැඩි වේගයකින් ධාවනයකර ඇති බවයි විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ. එවන් වේගයක් බස් රථයේ තිබෙන්නට ඇත්තේ තිරිංග ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් බව පොලිසිය සැක කරයි. බස් රථය ධාවන තත්ත්වයෙන් තිබෙන බවට වූ යෝග්‍යතා සහතිකයද බස් රථයේ තිබී හමුවී ඇත.
එම යෝග්‍යතා සහතිකය සම්බන්ධයෙන්ද සොයා බැලීමක් කරන බව පොලිසිය සඳහන් කරනවා. ගොඩගත් බස් රථයේ සුන්බුන් මේ වන විට ඇත්තේ ඇල්ල පොලිස් ස්ථානයේය. රස පරීක්ෂක විශේෂඥයා විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන්නේ එම කොටස්. මෝටර් රථ පරීක්ෂකවරයාද හෙට දිනයේ එම අවස්ථාවට එක්වන බව දැනුම්දී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා. අනතුර සිදුව ඇත්තේ බස් රථය ජිප් රථයක පිටුපස ගැටීය.
එම ජිප් රථයේ රියදුරුව අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තද විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ එම ජිප් රථය කන්ද දෙසට නියමිත මංතීරුවේ ධාවනය වී ඇති බවයි. වේගයෙන් ඉහළ සිට පහළට මාර්ගයේ ධාවනය වූ බස් රථයේ පිටුපස කොටස ජිප් රථයේ පිටුපස ගැටී ඇතැයිද විමර්ශන වලින් තහවුරු වී තිබෙනවා. තමාගේ ජිප් රථයේ ගැටුණු බස් රථය වේගයෙන් උඩින් යන බවක් තමා දුටු බවත් ඒ ක්ෂණිකව බස් රථය අතුරුදන්වූ බවත් ජිප් රථයේ රියදුරු පොලිසියට පවසා තිබුණා.
බස් රථයට කුමක් සිදුවීදැයි කළ සොයා බැලීමේදී රථය ආරක්ෂිත වැටද කඩාගෙන මාර්ගයෙන් ඉවතට පැන පල්ලමට ගොස් ඇති බව දුටු ජිප් රථයේ රියදුරු ඒ බව පොලිසියටද දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා. ජාත්‍යන්තරයේ සම්මත යැයි සඳහන් ආකාරයට උපරිම ආරක්ෂක ක්‍රමවේද මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගයේ යොදා ඇති බව ද පොලිසිය සඳහන් කරනවා. මාර්ග සංඥා පවා නිසි ලෙස සටහන් කර ඇති බවයි පොලිසිය පෙන්වා දෙන්නේ. බස් රථය හෙළකට පෙරලෙන්නේද ආරක්ෂිත වැටද කඩාගෙන බවත් එසේ ආරක්ෂිත වැට කඩාගෙන බස් රථය පල්ලමට ගමන්කර ඇත්තේ අධික වේගය නිසා වියහැකි බවද පොලිසිය සැක කරනවා.