මහින්දගේ කාලේ මන්දිරේටම ගෙන්නලා ගුවන් සේවිකාවට ලක්ෂ ගණන් ගෙවපු හැටි ගැන පරීක්ෂණ
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇති බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ බව සඳහන්.
වාර්තා වන ආකාරයට ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව ලෙස දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර තිබෙනවා.

මට ඕනේ වුණා මගේ රටට ආඩම්බරයක් ගේන්න, ගායන ශිල්පී ආදිත්‍යා වැලිවත්ත Miss Tourism Universe වෙනුවෙන් ජාත්‍යන්තරයට
තවද ආරංචි මාර්ග සඳහන් කළේ එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා නිර්දේශ අනුමත කළ නිලධාරීන්ගේ තොරතුරු 2015 කාලයේ බලපෙරලියට ප්‍රථම අතුරුදන්ව ඇති බවයි.
එමෙන්ම ඉහත ඉන්ධන සහ ප්‍රවාහන දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හි පළමු පන්තියේ මාණ්ඩලික නිලධාරීන් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් බව ද සඳහන්.
එසේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙබදු චක්‍රලේඛයකින් ආවරණය නොවන බවත් පවසා ඇත.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ
