මාධ්‍යවේදිනියගේ සැමියා පණ ඇද ඇද නීතිඥවරියගේ නිවසට ගිය හේතුව වහාම හොයන්න, CIDයට නියෝග

Report

මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණයට හේතුව මොට බලයක් යොදා හිසට එල්ල කරන ලද පහරදීමකින් සිදුවූ මරණයක් බවට පෙනී යන නිසා වහාම විමර්ශනයක් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

එසේම එම සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

මේ අතර සිද්ධියට අදාළව වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මරණකරුගේ හිසට සිදුවු මෙම පහර දීම හේතුවෙන් හිසෙහි දකුණු පැත්තෙහි රුධිර වහනයක් වීමෙන් සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙන බව ප්‍රකාශ කළා.

අඳාළ වාර්තාවට අනුව මෙම මරණය යම්කිසි පිරිසක් කරන ලද අපරාධයක් මඟින් සිදුව ඇති බවට පෙනී යන නිසා වහාම විමර්ශන කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු සඳහන් කළා.

එමෙන්ම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් මාධ්‍යවේදිනියගේ සැමියා වන ඒ හේමජීව යන අය ඉකුත් ජනවාරි මස 3 වන දින දෙහිවල හිල් වීදියේ නීතිඥවරියකට අයත් නිවසෙහි මිදුලෙහි වැටී සිට ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

විනිසුරුවන් දෙදෙනෙක් තනතුරු වලින් දොට්ට - මේකයි හේතුව

ඒ අනුව එම සිද්ධිය පිළිබඳව නීතිඥවරියගේ සැමියා වන හිටපු ගුවන් හමුදා නිලධාරිවරයකුගේ සාක්ෂි සටහන් කර ගැනීමද අද (10) දින අධිකරණයේදී සිදු කර තිබුණා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලින් මරණය පිළිබඳව කිසිදු අපරාධයක තොරතුරක් හෙළි නොවූවද මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙය අපරාධයක් බවට පෙනී යන බව කියා සිටියි.

එමෙන්ම මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් මරණකරු මිය යෑමට පෙර එදින අදාළ නීතිඥවරියගේ නිවස දෙසට යන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබෙනවා නම් ඔහු නිවස දෙස සිට යළි මාර්ගයට පැමිණි බවට එහි නිවැසියන් කියයි නම් ඔහු පැමිණි බවට පැවසෙන CCTV දර්ශන ලබා ගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු නොකළේ මන්ද යනුවෙන් විමසා සිටියා.

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි

එනිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරැණු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

මේ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු,වරුණ ජයසිංහ, අරුණි රණසිංහ යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටි බව සඳහන්.

දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි මැරුණ? මැරුවද?

දත් කැක්කුමට ඉස්පිරිතාලෙට ආපු මධුශානි මැරුණ? මැරුවද?