රටේම පාසල්වලට විශේෂ නිවේදනයක් - මේ ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම චක්‍රලේඛය නිකුත් වෙයි
මෙරට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) වෙනුවෙන් සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අඳාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්.
එම අමාත්‍යාංශය නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.
ඒ අනුව පාසල් තුළ ඇති ආසන සීමාව අනුව නව සිසුන් ඇතුළත් කිරීම් සිදු වනු ඇත.
කෙසේ වෙතත් අමාත්‍යාංශය චක්‍රලේඛය නිකුත් කිරීමෙන්, අධ්‍යාපන සමානාත්මතාව සහ නීතිමය විධිවිධාන යටතේ සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වඩා පරිපූර්ණ සහ නිරවද්‍ය කිරීමට අපේක්ෂා කරයි.
