ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් වූ ජාන් ෂින්වාරි ජීවිතයෙන් සමුගනී
By Kaushi
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කළ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ජාන් ෂින්වාරි 1984 වසරේදී උපත ලැබූ අතර ඔහු මියයන විට 41 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බවයි.
ජාන් ෂින්වාරි යනු අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයේ සාමාජිකයෙකි.
ඔහු 2017 වසරේ දෙසැම්බර් මාසයේදී සාජා හි ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය අතර එක්දින තරගයක් අධීක්ෂණය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා.
එසේම එක්දින තරග 25 ක් සහ විස්සයි20 තරග 21 ක් වෙනුවෙන් ඔහු විනිසුරුවරයෙක් වශයෙන් කටයුතු කර ඇති බව වාර්තා වේ.