පොලිස්පතිට සිතාසි..!
By Sewvandhi
අද (25) කොළඹ මහේස්ත්‍රාත්වරයා, අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවූ අවස්ථාවේ එහි තිබී සොයාගත් රුපියල් ලක්ෂ 170කට අධික මුදල සම්බන්ධ විමර්ශන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීම පිළිබඳව අධිකරණයට කරුණු දක්වන ලෙසට පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කළේය.
එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.
මේ අතර වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා මහජනතාවගෙන් දිවුරුම් පෙත්සම් 10,000ක් සඳහා අත්සන් ලබා ගැනීම අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබුණි. වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්වී මෙය සංවිධාන කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |