මීට පස්සේ ටින් අංකය නොගත්තොත් ඉවරයි..දේශීය ආදායම් කෙටුම්පත ඡන්දයෙන් තොරව සම්මතයි

Report

“ටින්” අංකය ලබා නොගන්නා අයට දඬුවම් නියම කිරීමට විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් ( සංශෝධන) පනත් කෙටුම්පත අද (19) දින පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ.

එහිදී සමගි ජන බලවේගයේ නීතිඥ සුජීව සේනසිංහ මහතා ඉදිරිපත් කළ සංශෝධන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඊට විපක්ෂයේ විරුද්ධත්වය සටහන් කරගන්නැයි සේනසිංහ මහතා එහිදී මුලසුනට දැනුම් දී ඇති බව සඳහන්.

මේ බදු නොගෙවූ අයට විශේෂ සහනයක් - මෙහෙම කළොත් සම්පූර්ණ පොලී ආදායමම අහෝසි කරන බවට දැනුම්දීමක්

මේ බදු නොගෙවූ අයට විශේෂ සහනයක් - මෙහෙම කළොත් සම්පූර්ණ පොලී ආදායමම අහෝසි කරන බවට දැනුම්දීමක්

සමගි ජන බලවේගය “ටින්” අංකය නොමැති අයට ඇති දඬුවම් ලිහිල් කිරීමට අඳාළව අඳාළ සංශෝධන ඉදිරිපත් කර ඇති බව සඳහන්.

එහිදී සුජීව සේනසිංහ මහතා කියා ඇත්තේ,

"දින තිහකින් දඩයක් දින හැටකින් තවත් දඩයක් නියම කළ පසු දින අනූවකින් හිතාමතා පැහැර හරින අය අහුවෙනවා. වංචනික ලෙස හිතාමතා පැහැර හරින්නකු මැදිහත් කරගන්නා ආකාරය ගැනද සංශෝධන ඉදිරිපත් කරනවා” යනුවෙන්.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූ අතර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කර තිබුණා.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - මේ සතියේ පාර්ලිමේන්තුවේ අවධානය ආර්ථිකය දෙසට

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - මේ සතියේ පාර්ලිමේන්තුවේ අවධානය ආර්ථිකය දෙසට

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී