ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශය ශක්තිමත් කිරීමට විධිමත් වැඩපිළිවෙලක්

Report

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කරුවන් මෙරට රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වැඩසටහනක් පසුගියදා පවත්වා ඇත .

ඒ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදීය.

තිරසාර ව්‍යාපාර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කිරීම (ITSB) සඳහා රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ පාර්ශ්වකරුවන්, කුඩා හා මධ්‍යම ව්‍යාපාර (SMEs) සහ සැපයුම් දාමයට සම්බන්ධ හවුල්කරුවන් රැසක් සහභාගී විය.

මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇත්තේ

  • වාර්තාකරණ රාමු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම,
  • සූක්ෂම සෝදිසි අපේක්ෂාවන් පිළිබඳ අවබෝධය ,
  • ආපසු හඹා යා හැකි අවශ්‍යතා තහවුරු කිරීම,
  • ව්‍යාපාරික ක්‍රියාකාරකම්   වගවීම   පිළිබඳ ආදිය පිළිබදවයි.

ITSB වැඩසටහන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), තිරසාර සංවර්ධන කවුන්සිලය, GRI දකුණු ආසියානු කාර්යාලය, JAAF සහ ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය (SIDA) ආදී වූ සංවිධාන අතර එකමුතුවෙන් සිදු කරන උත්සාහයකි.

මේ තුළින් ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් අංශය තුළ තිරසාර භාවිතයන් ශක්තිමත් කිරීම සදහා ගනු ලබන තවත් වැදගත් පියවරක් ලෙස හැදින්විය හැකිය.

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්

ඒ වහේම අපනයන සංවර්ධන මණ්ඩලය ද ගෝලීය වශයෙන් තරඟකාරී අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට උදෙසා කැපව සිටී.

තවද මෙම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එහි හවුල්කරුවන් ශ්‍රී ලංකා අපනයන සඳහා වඩාත් ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීමට කටයුතු මෙලෙස විවිධ ක්‍රියාමාර්ග මගින් කටයුතු කරනු ලබයි .   

විශ්වවිද්‍යාලයට යන ඔයාට සුභ ආරංචියක්

විශ්වවිද්‍යාලයට යන ඔයාට සුභ ආරංචියක්