උසස් පෙළ විභාගය ගැන දැනුම් දීමක්
ආපදා තත්වයන් හේතුවෙන් කල්දැමූ උසස් පෙළ විභාගය තවත් දින 7ක් පුරා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය සදහන් කර තිබේ.
ඒ අනුව 2026 ජනවාරි 12 වන දා සිට ජනවාරි 20 වන දින දක්වා එම විභාගයන් පැවැත්වෙන බව එතුමිය ප්‍රකාශ කර ඇත.
තවද විභාග කොමසාරිස්වරිය සදහන් කළේ ප්‍රශ්න පත්‍රයක දෙක කොටස පමණක් ඇති විෂයන් 5ක්, පළමු ප්‍රශ්න පත්‍රයට පමණක් පිළිතුරු ලියන්න ඉතිහාසය විෂය පමණක් ඇති බවත්, ප්‍රශ්න පත්‍ර එක හා දෙක කොටස දෙකම ඇති සම්පූර්ණ විෂයන් 10ක් එම කාලය තුළ පැවැත්වීමට නියමිත බවයි.
ඒ වගේම සිසුන් 202,627ක් ඉදිරි දින කිහිපය තුළ කුමන හෝ විෂයක් සඳහා පෙනී සිටීමට සූදානම් බව එතුමිය සදහන් කර තිබේ.
තවද අයහපත් කාලගුණය හේතුවෙන් මතු වූ ආපදා තත්ත්වය හමුවේ වෙනත් විභාග මධ්‍යස්ථානයක අවශ්‍යතාවයක් තිබේ නම් විදුහල්පතිවරයා හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බව විභාග කොමසාරිස්වරිය පැවසුවාය.
තවද එතුමිය ප්‍රකාශ කළේ පෞද්ගලික අයදුම්කරුවන් හට ඍජුවම 1911 හෝ 0112 784 208, 0112 784 537 හෝ 0112 788 616 යන දුරකථන අංකයන්ට කතා කර විභාග දෙපාර්තමේන්තුව අමතා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ඉල්ලා ගැනීමට හැකියාව තිබෙන බවයි.