ජනාධිපති අරමුදල අවභාවිත කළ අයට වැඩ වරදී

President of Sri lanka Crime Money Law and Order Sinhala news
By Kaushi May 01, 2025 01:47 PM GMT
Kaushi

Kaushi

Report

ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වූ බව කියන සිද්ධියට අදාළව මහජන නියෝජිතයින් 22 දෙදෙනෙකු ලබා ගත් ප්‍රථිකාර පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසට රජයේ සහ පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ කළ ඉල්ලීමක් සලකා බලමින් මෙසේ නියෝගය ලබා දී ඇත.

ආණ්ඩුවට අභියෝග කළ සජබෙ (VIDEO) (LIVE) (UPDATE)

ආණ්ඩුවට අභියෝග කළ සජබෙ (VIDEO) (LIVE) (UPDATE)

එසේම විමර්ශනයට ලක් කෙරෙන මන්ත්‍රීවරුන් විදේශ රෝහල්වලදී ප්‍රතිකාර ලබා ඇත්නම් ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය ලබා දෙන බවට මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියට ද අධිකරණය නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් 2008 වසරේ සිට 2014 වසර දක්වා ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් 22 දෙදෙනෙකු රුපියල් කෝටි 10කට අධික මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙසේ විමර්ශන සිදු කරයි.

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දී තිබෙනවා.

ReeCha