විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE)

Anura Kumara Dissanayaka May Day National People's Power - NPP Sinhala news
By Ashfa May 01, 2025 12:13 PM GMT
Ashfa

Ashfa

Report

ගාලුමුවදොර පිටියේ පැවැත්වුණ ජාතික ජන බලවේගයේ මැයි රැලිය හා එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ තාත්තා,මල්ලී,බාප්පා,මුණුබුරා ලෙස පැවති පාරම්පරික බල සිතියම අකුළා එළවා දැමීමට සැප්.21 වන දින මෙරට ජනතාව නිරිභිත වූ බවයි.

එමගින් බලය හා වරප්‍රසාද අහිමිව පොදු නීතියට යටත් වීමට සිදුවීමෙන් ඇතිවූ අපේක්ෂා බංගත්වයේ වේදනාවෙන් අදෝනා දෙන ඇතැම් පිරිස් තමන් කළ අපරාධ පිළිබද ඇති බියෙන් හැසිරෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ දේශපාලන ව්‍යාපාර සංවිධාන ශක්තියක් නැති "වැල් බයිලා කණ්ඩායම්" දැන් විසිරුණු සුන්බුන් කොටස් වල එකතුවක් පමණක් බවත් ඔවුන් ජාතික ජන බලවේගයට කිසිසේත්ම අභියෝගයක් නොවන බවත්ය.

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE) | Npp Srilanka May Day

අවුරුදු 65ක් තිස්සේ දරුණු පරාජ, අභියෝග හා ළගම පිරිසගේ ද්‍රෝහීවීම හමුවේත් නොසැලී එකම අරමුණක් වෙනුවෙන් තමන් හා තම පක්ෂය ක්‍රියාකළ ආකාරයත් මෙහිදී ජනපති සිහිකළා.

අප ඉදිරියේ ඇති කටුක යථාර්තය මැඩපවත්වා සමාජ සාධාරණය ඇති කිරීමට විධිමත් වියමනක් සුදානම් කර ඇති නමුත් වසර 76ක් පමණ කඩා වැටී ඇති රට එක් රැයකින් හෝ මාස 6කින් ගොඩනැංවීම සිදු කළ නොහැකි බවත් ජනපති ප්‍රකාශ කර සිටියා.

ජනතාව ඔවුන් වෙත තැබූ විශ්වාසය ඔවුන් තේරුම් ගන්නා අතර ඒ සදහා ශක්තිමත් අත්තිවාරමක් ගොඩනැංවීමට අවශ්‍ය බවත් ජනපති රැලියේදී අදහස් ප්‍රකාශ කර සිටියා.

එම අත්තිවාරමේ කුළුණු සතර ලෙස ඔහු පෙන්වා දුන්නේ අදූශිත දේශපාලනය,ජාතික සමගිය,විධිමත් රාජ්‍ය සේවය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරිම යන කරුණුයි.

මෙම කුළුණු සතර ඔවුන් ගොඩනගන බවත් ඊට අදාළ වැඩපිළිවෙල පිලිබදවත් මැයි රැලියට සහභාගී වූ ජනපති වැඩිදුර අදහස් ප්‍රකාශ කළා. 

---------------------------------------------------------------

රතු ජන ගඟක් මැදින් ජනපති පැමිණෙයි. (7.22 pm)

ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් ස්වල්ප මොහොතකට පෙර ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි රැලිය හා එක්විය. 

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE) | Npp Srilanka May Day

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE) | Npp Srilanka May Day

---------------------------------------------------------------

අපේ ජනාධිපති-අපේ ආණ්ඩුව. අගමැතිනි හරිනි අමරසුරිය රැළිය අමතයි. (5.33 pm)

අගමැතිනි හරිනි අමරසුරිය ගාලුමුවදොර සිට රැළිය අමතයි.

එහිදී ඇය පවසා සිටියේ ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණයේ ජය නියත වශයෙන්ම ජාතික ජන බලවේගයට හිමිවන බවයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් සදහන් කර සිටියේ මෙතෙක් වැඩිම කාන්තා නියෝජනය හිමි ආණ්ඩුව ජාතික ජන බලවේග ආණ්ඩුව ලෙසයි.

තවදුරටත් ඇය රැළිය අමතමින් ප්‍රකාශ කර සිටියේ ඉතිහාසය වෙනස් කරන යුගය ආරම්භ බවත් ඉතිහාසය වෙනස් කළ ,වෙනස් කරන පරම්පරාව මෙය බවයි

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE) | Npp Srilanka May Day



---------------------------------------------------------------

ලාල් කාන්ත රැලිය අමතයි. (4.58 pm)

ද්වී භාෂාවෙන්ම සාර්ථකව ආරම්භ වූ මැයි රැලියත් සමගින් පක්ෂයේ ප්‍රධාන නායකයන්ගේ පැමිණීමත් ඔවුන්ව වේදිකාවට ඇරයුම් කිරීමත් සමගින් පක්ෂයේ ප්‍රධාන නායකයෙකු වූ ලාල් කාන්ත මහතා මේ මොහොතේදී ජනතාව අමතයි. 

විසිරුණු සුන්බුන් ගොඩවල් අපිට අභියෝග නෙමෙයි - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්. (PHOTO) (UPDATE) (LIVE) | Npp Srilanka May Day

------------------------------------------------------------

ජාතික ජන බලවේගයේ "රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය" ආරම්භ විය. (4.00 PM)

ජාතික ජන බලවේගයේ මැයි රැලිය දැන් ස්වල්ප මොහොතකට පෙර ගාලුමුවදොරින් ආරම්භ විය. 

-----------------------------------------------------------

ජාතික ජන බලවේගයේ "රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය" ට සියල්ල සුදානම්. (3.33 PM)

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ගාලුමුවදොරින් ආරම්භ වීමට නියමිත ජාතික ජන බලවේගයේ මැයි රැලිය තව ස්වල්ප මොහොතකින් ආරම්භ වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම්.

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)

නවක වදය තවත් ජිවිතයක් බිලීගනී. (PHOTO)


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha