මීඩියා කියලා පට්ටපල් බොරු දාන්න එපා මම හම්බුන වාහන පර්මිට් එකත් විකුණලා සල්ලි බෙදපු මිනිහෙක්, වජිර දුක කියයි
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් තමා කිසිදු වත්කමක් අයථා ආකාරයෙන් උපයා නැති බවත්, ඒ පිළිබඳව සිදුකරන ඕනෑම විමර්ශනයකට සිය උපරිම සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
එසේම ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ අයථා ආකාරයට ධනය රැස්කළ ඉතිහාසයක් නොව, පෞද්ගලික ධනය පවා ජනතා සේවය වෙනුවෙන් වැය කළ ඉතිහාසයක් බවද ඔහු පවසා ඇත.
තමාට හිමිවූ වාහන බලපත්‍රය පවා අලෙවි කර එම මුදල් ජනතාව සඳහා බෙදා දුන් බව සිහිපත් කළ අබේවර්ධන මහතා, තම දේශපාලන ගමන් මග පිළිබඳ දන්නා ඕනෑම අයෙකු තම නිර්දෝෂීභාවය ගැන සාක්ෂි දරනු ඇති බවට ද විශ්වාසය පළ කර තිබෙනවා.
ඒ අනුව අදාළ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි ලිපි ලේඛන තමා විසින් ලබා දී නැති බවට ඇතැම් මාධ්‍ය පළකර තිබූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු සඳහන් කළා.
ඔහු තවදුරටත් තහවුරු කළේ අවශ්‍ය සියලුම ලේඛන නිසි පරිදි තමා විසින් අදාළ අංශ වෙත භාර දී ඇති බවයි.