හිටපු ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනට අධි චෝදනා [VIDEO]

Report

2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අද (30) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබුවා.

අල්ලස් කොමිසම මඟින් අඳාළ නඩුව ගොනු කර ඇත්තේ දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින්.

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

මහින්ද එහෙම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ - මල්වතු පාර්ශ්වය සමාජ මාධ්‍ය වදන්වලට පිළිතුරු දෙයි

ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය සඳහා 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදලින් පුවත්පත් අතිරේක පළ කිරීම නිසා රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධවයි.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් බව වාර්තා වනවා.

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

එසේම සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 15 දෙනෙකු ද නම් කර ඇත.

තවද ලේඛන 21 ක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 20 වනදා කැඳවීමට ද නියම වුණි. 

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්