ඉන්දියානුවන් මෙරට කුලී වැඩවල…සංචාරක වීසාවලින් ඇවිත්

Google Tourist Visa Latest Headlines Visa-Free Entry Sinhala news
By Akash Apr 15, 2025 03:57 PM GMT
Akash

Akash

Report

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් වටලා කල් ඉකුත් වූ විසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින ඉන්දීය ජාතිකයන් 22 දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකුද නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකුද, ව්‍යාපාර බලපත්‍ර යටතේ එක් අයකු ද වශයෙන් මෙරටට ඇතුළු වී තිබේ.

7ට මහියංගනේ ඇසුන වෙඩි හඬ

7ට මහියංගනේ ඇසුන වෙඩි හඬ

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන්, හදිසියේ කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය කර ගත් තොරතුරු මත වයස 25ත් 35ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

දේශබන්දු සම්බන්ධයෙන් පක්ෂ රැසකින් රතු එළියක්

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස වැළිසර පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර ඔවුන් කඩිනමින් මෙරටින් ඉවත් කිරීමට ද පියවර ගනිමින් සිටී.

ReeCha