ලෝකයේ තවත් බලවතෙක්ගෙන් ලංකාවට ආධාර තොගයක්

Report

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආපදා ආධාර තොගයක් රැගෙන යන තවත් ගුවන් යානයක් අද (09) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන්යානය, ඉන්දියාවේ බටන්ගූර් නුවර සිට පැමිණ ඇති අතර, එය ඉන්දීය ගුවන් හමුදාව සතු C-17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන යානයකි.

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්

ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්

ගුවන්යානය තුළින් මෙට්‍රික්ටොන් 61ක් බරැති, දිග අඩි 110ක බේලි යකඩ පාලමක් සහ කිලෝග්‍රෑම් 600ක් බරැති ඖෂධ තොගයක් රැගෙන ආ තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව පැමිණ සිටියාය.

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරියි - තත්ත්වය මෙන්න

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරියි - තත්ත්වය මෙන්න