ඊසාන දිග මෝසම ස්ථාපිත වෙයි - පළාත් හයකට අනෝරා වැස්සක්
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.
විශේෂයෙන් උතුරු පළාත, උතුරු මැද පළාත සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 75 ට වැඩි තද වැසි වාර්තා විය හැකි බව සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
අධික ලෙස, උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් පැයට කිලෝමීටර් 30–40 පමණ වේගයෙන් තද සුළං හමනු ඇති බවයි සදහන් වේ.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, අවධානයෙන් පවතින්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.