ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි

Report

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් මගී කාන්තාවකට ලිංගික හිංසන සිදුකළ ඉන්දිය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපොළ නිලධාරීන් සඳහන් කළේ, අද (12) අළුයම සැකකරු ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී. 822 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයි.

සැකකරු ගුවන් යානය තුලදී එම කාන්තාව හිංසනයට ලක්කර ඇති අතර මේ සම්බන්ධයෙන් ඇය ගුවන්යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමෙන් අනතුරුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සැකකාර ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි අයෙකු බව අද දෙරණ ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.  

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

දෙසැම්බර් වන විට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න ලේස්ති වෙන්න - එජාපය කියයි

කොටු කැපිල්ලට අහුවෙන්න එපා - ඒක නීතිවිරෝධී වැඩක්

කොටු කැපිල්ලට අහුවෙන්න එපා - ඒක නීතිවිරෝධී වැඩක්