උපන් දිනේ දවසෙම පිටිය රත් කර ඉන්දියානුවන් පුදුම කළ කෝලී - සචින් තෙන්ඩුල්කාර් තැබූ වාර්තාවකුත් සම කරයි..
By krishani
අද (05) ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සිය එක්දින ජාත්‍යන්තර පිටියේ 49වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව කොල්කටාහි අද පැවැති 37වැනි තරගයේ දී ය.
මේ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එක්දින ජාත්‍යන්තර තරගවල මුළු ශතක 49ක් රැස්කරගෙන සිටියේ ය.
අද විරාට් කෝලි රැස් කළ ශතකයත් සමඟ සචින්ගේ වාර්තාව සම කළේ ය.
එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 288වැනි තරගය අද ක්‍රීඩාකල විරාට් පන්දු 121ක දී නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත් විය.
අද මෙම ශතකයත් සමඟින් වාර්තාව සම කරනු ලැබුවේ විරාට් කෝලිගේ 35වැනි උපන්දිනය දවස වීමත් විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත්, විරාට් කෝලි එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුල තවත් එක් ශතකයක් ලබා ගත් පසු ජගත් එක්දින පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයාට හිමි වාර්තාවට හිමිකම් කියනු ලබයි.