නිදහස් උත්සව පෙරහුරු ඇරඹේ - කොළඹට අද සිට විශේෂ රථවාහන සැලැස්මක්
78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා පෙරහුරු හා ප්‍රධාන උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර තිබෙනවා.
මෙම සැලැස්ම යටතේ පහත දිනවල නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථ ගමනාගමනය සීමා කිරීම් හා වසා දැමීම් සිදු කෙරෙනවා:
අද (30), හෙට (31) සහ පෙබරවාරි 2 - උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා පෙරහුරු පුහුණුවීම් සඳහා රථ ගමනාගමනය සීමා කෙරෙනවා.
පෙබරවාරි 1 - උදෑසන 5.00 සිට දහවල් 1.30 දක්වා පෙරහුරු කටයුතු හේතුවෙන් සීමා පැනවෙනවා.
පෙබරවාරි 4 (නිදහස් දිනය) - උදෑසන 5.00 සිට උත්සවය අවසන් වන තෙක් අවශ්‍යතා අනුව රථ ගමනාගමනය සීමා කෙරෙනවා.
මෙම කාල පරාසය තුළ කොළඹ නගරයේ රථ තදබදය අවම කිරීමටත්, විකල්ප මාර්ග භාවිතයටත් පොලීසිය මෙම විශේෂ සැලැස්ම ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබෙනවා. මෙම උත්සවය මෙවර 'ගොඩනගමු ශ්‍රී ලංකා' තේමාව යටතේ පැවැත්වෙන අතර, ප්‍රධාන උත්සවය පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
කොළඹ නගරයට පැමිණෙන හෝ එහි ගමන් බිමන් කරන පුද්ගලයින් මෙම සීමාවන් පිළිබඳව සැලකිලිමත් වීමටත්, විකල්ප මාර්ග භාවිත කිරීමටත් පොලීසිය උපදෙස් දෙනවා. වැඩිදුර තොරතුරු සඳහා පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනය බලන්න.
