ලංකාවේ මුහුදු තීරයට ඇතුල්වෙන්න උත්සාහ කළ ඉන්දියානුවන් 86ක් නාවික හමුදා භාරයට

Covid Helth Indea indean people
By Sithumi May 04, 2021 11:09 AM GMT
Sithumi

Sithumi

Report

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ කළ ඉන්දිය ධිවර යාත්‍රා 11ක් සහ එහි සිටි පුද්ගලයින් 86 දෙනෙකු වැළැක්විමට නාවික හමුදාව අද පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව, මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මුර සංචාරයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන ඉන්දීය ධීවර යාත්‍රා 11ක් නාවික හමුදා මුර සංචාර හේතුවෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට නාවික හමුදාවට හැකි විය. මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර ඉන්දීය ධීවර යාත්‍රා 11 සහ පුද්ගලයින් 86 දෙනා ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, නීති විරෝධී ලෙස විදෙස් සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව තවදුරටත් වයඹ සහ උතුරු මුහුදේ මුර සංචාර වැඩි කරමින් නිරන්තර අවධානයෙන් සිටීන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now