ඉන්දියාවේ වෛද්‍යවරිය දූෂණයකර මරා දැමූ ප්‍රධාන සැකකරු බිරිඳට කළ දෙයක් ගැන විශේෂ අනාවරණයක්..නැන්දම්ම සියල්ල වමාරයි..

By Aruna Aug 21, 2024 03:34 AM GMT
Report

කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ මව ඉන්දීය මාධ්‍ය වෙත විශේෂ අනාවරණයක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

මෙම අපරාධයට තවත් පුද්ගලයින් සම්බන්ධ විය හැකි බවට තමන්ට සැකයක් පවතින බවයි, සන්ජෝයි රෝයි නැමැති සැකකරුගේ නැන්දම්මා පවසා ඇත්තේ.

තම දියණිය සහ සන්ජෝයි රෝයි සමඟ ඇති අත්දැකීම් විස්තර කරමින් ඇය මේ බව පවසා තිබේ.

මන්කිෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..

මන්කිෆොක්ස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ දැනුම්දීමක්..


“මුල්, මාස හයේ සියල්ල හොඳින් පැවතුනා, පසුව මගේ දියණිය මාස 03ක ගැබිණියක්ව සිටිය දී ඔහු ඇයට ගබ්සාවක් සිදුකළා, ඔහු ඇයට පහර දුන්නා, ඒ ගැන පොලිසියේ පැමිණිල්ලක් ද ලියාපදිංචි කර තිබෙනවා.

මේකෙන් පස්සේ මගේ දුව දිගටම අසනීප වුණා, මම එයාගේ බෙහෙත්වලට වියදම් කළා.සංජෝයි හොඳ නෑ.

මම අපරාධය ගැන කතා කරන්නේ නැහැ. හැබැයි එයාට ඒක තනියම කරන්න බැහැ.” යනුවෙන් සැකකරුගේ නැන්දම්මා ඉන්දීය මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා තිබෙනවා.

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්.

දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්.


අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාව පුරා විරෝධතා ඇති වූ අතර, එරට වෛද්‍යවරුන් මිලියනයකට වැඩි පිරිසක් සිය ආරක්ෂාව සහ විත්තිකරුවන්ට යුක්තිය ඉල්ලා වැඩ වර්ජනයක ද නිරත වන්නට වුණා.

GalleryGalleryGallery