පූජනීය තිරුපති කෝවිලය අවුරුදු පහක් අපවිත්‍ර වූ ලඩ්ඩු කෝටි 20ක් බෙදලා

Report

බොහෝ දෙනෙක්ගේ පූජනීයත්වයට සහ වන්දනීයත්වයට පත් වූ ස්ථානයක් බවට සැලකෙන තීරුපති කෝවිල සම්බන්ධයෙන් අවාසනාවන්ත කතා පුවතක් අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම කෝවිලේ අපවිත්‍ර ගිතෙල් භාවිතා කරමින් ලඩ්ඩු කෝටි විස්සකට ආසන්න ප්‍රමාණයක් සකසා බැතිමතුන්ට ලබා දී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙය බරපතල චෝදනාවක් ලෙස බොහෝ බැතිමතුන් හුවා දක්වන අතර එය ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට කළ නිගරු කිරීමක් ලෙස දක්වයි. 2019 – 2024 කාලය තුළ බැතිමතුන්ට කෝවිලෙන් බෙදාදුන් මුලු ලඩ්ඩි ප්‍රමාණය කෝටි 48.76ක් ලෙස වාර්තා වේ. එලෙස බෙදාදුන් ලඩ්ඩි ප්‍රමාණයෙන් කෝටි 20 කට ආසන්න ප්‍රමාණයක් සකසා ඇත්තේ අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර බවට හෙළිවී ඇත.

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

රු. 2000 මුදල් නෝට්ටු ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

මෙම වසර පහ තුළබැතිමතුන් කෝටි 11ක් පමණ තිරුපති කෝවිලට පැමිණ ඇති බවට ඇස්තමේන්තුගතකර ඇති අතර, මෙම අපවිත්‍ර වූ ගිතෙල් භාවිතකර සැකැසූ ලඩ්ඩි ලැබුණේ කාටද යන්න තීරණය කිරීමට ක්‍රමයක් නොමැති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් පවසන්නේ.

පූජනීය තිරුපති කෝවිල වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පරිශුද්ධභාවයෙන් ලබාගන්නා ලඩ්ඩි මෙලෙස අපවිත්‍ර කිරීම ඔවුන්ගේ ආගමික හැඟීම් රිදවන කාරණාවක් බවයි එරට මාධ්‍ය වාර්තා පවසයි. මේ පිළිබඳව නඩුව මධ්‍යම විමර්ශන කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබයි.

අද කොළඹ - නුවර මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

අද කොළඹ - නුවර මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්