අද කොළඹ - නුවර මාර්ගයේ යන අයට විශේෂ නිවේදනයක්

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් මෙසේ වසා දමා තිබෙනවා.

ඒ අද (22) උදෑසන කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට පස් කඳු වැටීම හේතුවෙන්.

එම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

වෙළදසැලක් මතට පස් කදු කඩා වැටේ අයෙක් මරුට පිරිසක් සුන්බුන් අතර සිරවේ

එසේම සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අඳාළ අනතුරින් එම වෙළෙඳසැලෙහි සිටි කිහිප දෙනෙකු තවමත් සුන්බුන් තුළ සිරවී සිටින බව සඳහන්.

හිඟුල ප්‍රදේශයට වඩාත් ආසන්න ප්‍රදේශයක මෙම අනතුරට ලක් වූ වෙළෙඳසැල හා ඊට යාබදව නිවසක්ද පිහිටා තිබූ බව වාර්තා වේ.

අඳාළ ප්‍රදේශය තද බෑවුම් සහිත ස්ථානයක පිහිටා ඇති අතර, ඊට පිටුපසින් තිබූ පස් කන්දක් මෙලෙසින් කඩාවැටී ඇත.

කෙසේ වෙතත් සුන්බුන් අතර සිටිවී සිටින සංඛ්‍යාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුණත්, කිහිපදෙනෙක් අනතුර පත්ව ඇති බව සඳහන්.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීමට මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.

අඳාළ වෙළෙඳසැල කෙටි ආහාර සහ තේ පානය සඳහා බොහෝ පිරිසක් පැමිණෙන ස්ථානයක් බව වාර්තා වේ.

අනිද්දා ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි

අනිද්දා ඉඳන් බස්වල යන්න ඕනේ මෙහෙමයි

විශේෂ දැනුම්දීමක් - මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දැන් සිට අත්හිටුවයි

විශේෂ දැනුම්දීමක් - මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම දැන් සිට අත්හිටුවයි