ඔක්තෝබරයේ පටන් අත්‍යාවශ්‍ය වාහන ගෙන්වීමට අවසර...

Sri Lanka Department of Motor Vehicles vehicle imports sri lanka Import
By Parami Dissanayake Jun 29, 2024 04:49 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 රටේ අත්‍යවශ්‍යම සේවාවලට අවශ්‍ය වන ගිලන් රථ, කසළ එකතු කරන ලොරි රථ, කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය කාර්මික වාහන ආදිය ආනයනය සඳහා ලබන ඔක්තෝබර් මාසයේදී පමණ වැඩි අවස්ථාවක් සැලසීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එමෙන් ම, විශේෂ අවශ්‍යතා මත මෙම වාහන දැනටමත් වරින් වර යම් යම් සුළු ප්‍රමාණවලින් ආනයනය කෙරෙන බව රජයේ ආරංචිමාර්ග කියා සිටියි.

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...

මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...

කෙසේ නමුත්, මෝටර් රථ, වෑන්, කැබ් ආදී පුද්ගලික වාහන ආනයනය සඳහා ලබන වසරේදී (2025) අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇත.

නමුත්, මුලින්ම එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසා සිටියේ, රටේ පවතින ඩොලර්වලින් අඩු ප්‍රමාණයක් පමණක් වැයවන ලෙස මෙම වාහන ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවයි.

සර්වජන බල වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාවයි...

සර්වජන බල වේදිකාව ලංකාවේ ඇති එකම නිර්මල වේදිකාවයි...

වාහන ආනයනය කිරීමට අවසරය දුන්නද, වර්තමානයේ වෙළෙඳපොළේ පවතින මිලට වාහන කිසිසේත්ම අලෙවි කිරීමට නොහැකි වනු ඇති බවත්, ජපානයේ රුපියල් ලක්ෂ 20 ක් වන මෝටර් රථයක් මෙරටදී සියලු බදු සහිතව අවම වශයෙන් රුපියල් ලක්ෂ 60 කට අලෙවි කිරීමට සිදුවනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටී.

කෙසේ නමුත්, වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන කාල සීමාව සම්බන්ධව රජය විසින් වාහන ආනයනකරුවන් මෙතෙක් දැනුවත් කර නොමැති බව වාර්තා වේ.

සුඩාන වැසියන්ගෙන් අඩක් දරුණු සාගතයකින් පෙළෙයි...

සුඩාන වැසියන්ගෙන් අඩක් දරුණු සාගතයකින් පෙළෙයි...

එමෙන් ම, වාහන සඳහා සියයට 300 ක බද්දක් පනවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම්දී තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද වාහන ආනයනකරුවන් කියා සිටිති.