මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනයක්...
By Parami Dissanayake
අද (29) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක සඳහන් කළේ, එළඹෙන ජුලි මස 17න් පසුව ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවයි.
ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම සඳහන් කළේ ය.
ඒ අනුව කොමිසම මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසී ය.
එමෙන් ම, මැතිවරණ කොමිසම ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් මෙම මැතිවරණය සඳහා 2024 ජන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගැනීමට හැකි බවත් සමන් රත්නායක මහතා ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.