IMF දෙවැනි ණය වාරිකය ඉදිරි සතියේ..
Ranjith Siyambalapitiya
Sri Lanka
IMF Sri Lanka
Sri Lanka Customs
By Hashini
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාගැනීමට නියමිත දෙවන වාරික මුදල ඉදිරි සතියේදී හිමිවනු ඇති බවයි.
එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව අමාත්‍යවරයා පවසනවා.
"ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. අපි ඉතාමත් දරුණු ආර්ථික අගාධයකට තමා වැටුණේ. ඒ නිසා ඒ සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාදවීම් තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඒ ඔක්කෝම සාර්ථකයි. මම බලාපොරොත්තු වෙනවා ඉතාම නුදුරේ දීම දෙවැනි වාරිකය ගන්න පුළුවන් පුළුවන් කියලා."
රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමු කර ඇති බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
