මීළඟ IMF වාරිකය ගැන තීරණය ගැන දැනුම්දීමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය මේ වනවිට අවසන් කර තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවයට පැමිණි අතර, මෙම සමාලෝචනය පසුගිය ඔක්තෝබර් 09 දා නිමාවට පත් විය.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය එළැඹෙන දෙසැම්බර් 15 දා මෙම සමාලෝචනය සලකා බැලීමට නියමිත අතර, විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 347ක් පමණ වූ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.