ලංකාවේ ආර්ථිකයේ ඉරණම තීරණය වන මැයි 27 - IMF එකෙන් ලොකු සූදානමක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 27 වැනිදා රැස්වීමට නියමිතව තිබේ.
එහිදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඉදිරි ණය වාරිකයට අදාළ 5 වැනි සහ 6 වැනි සමාලෝචන පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
විධායක මණ්ඩලය විසින් එම සමාලෝචන දෙකම අනුමත කළහොත්, ශ්‍රී ලංකාවට 6 වැනි සහ 7 වැනි ණය වාරික ලබාගැනීම සඳහා සුදුසුකම් හිමිවන බව වාර්තා වේ.
පසුගියදා අදහස් දක්වමින් ජූලි කොසැක් සඳහන් කළේ, විධායක මණ්ඩල අනුමැතියට පෙර ශ්‍රී ලංකාව විසින් පූර්ව ක්‍රියාමාර්ග කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවයි.