හර්ෂණ ඇමෙරිකාවේදී රාජ්ය දෙපාර්තමේන්තු ප්රධානීන් හමුවෙයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ ද සිල්වා මහතා මේ දිනවල නිරතව සිටින ඇමරිකානු සංචාරයේ වැදගත් අවස්ථාවක් ලෙස එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රධානීන් සමග පැවැති සාකච්ඡාව සැලකේ.
එමෙන්ම, ශ්රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපතිවරුන් වූ අතුල් කේෂාප් සහ ජූලි චෑන්ග් සමගද ඔහු පුද්ගලික මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.
අතුල් කේෂාප් මහතා මේ වනවිටඑක්සත් ජනපද - ඉන්දියානු ව්යාපාරික කවුන්සිලය හි ප්රධානියා ලෙස කටයුතු කරන අතර, ජූලි චෑන්ග් මහත්මිය එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ තුළ සේවය කරමින් සිටින බවද වාර්තා වේ.