නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය තොගයකට අද කරන්න යන දේ
By Kanchana
අත්අඩංගුවට ගැනීමෙන් පසු නීතිමය කටයුතු අවසන් වූ හෙරොයින් 106kg ග්‍රෑම් 248gක් අද (02) දිනයේ විනාශ කරනු ලැබේ .
ඊට අමතරව අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5ක් ප්‍රමාණයක් ද විනාශ කිරීමට නියමිත බව වාර්තා වේ .
මෙම මත්ද්‍රව්‍ය තොගය අද (02) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමෙන් පසු පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කිරීමට නියමිතව ඇත.